We make websites and apps that you'll love to have.

see what i have done so far.

AD (728x60)

AD (728x90)

පතංගාලෝකයෙන් පටික්කූල බිඳීමට

Powered by Blogger.

Friday, March 27, 2015

රකින්නැති නිදහස මක්කටෙයි?

Share & Comment

මේ කවි පන්තිය මම ලියපු එකක්. නිදහස් දින තරගාවලියේ(කළුතර) 2 ස්ථානය මේකට හම්බවුනා. නිකන් නො හිඳ කවි පදයක් ගොතා සිංහල ගගනත සරසවමු.

වා ගැබේ සිහිලැල් නැගේ නිදහස පිරී ආකාෂයේ
සිත් අගින් මෙත් පිනි බිදු අද ඇද වැටේ නිදහස් බලෙන්
අත් ආවලී එකිනෙක බැදී මුතු සමගියෙන් ලොව සරසතී
නිදහසේ හස්තය නැගී බලවත් තුටින් ලොව නළවතී

නන් දෙසින් ලක මනු දමින් ජයගොස් නැගී ආලය මතින්
රුහිරු දහර නයනේ වැකුන ද අද නැතිය ඒ මන තැවුල්
සන්තුෂ්ටියෙන් හද හද බදා අත් නෙත්වලින් ලොව සනසවා
වත් නදින් දුක් පරදවා නිවහල් දමින් අද හිනැහුනා

කිත් තබා දහදිය පුදා රත් රුහිරුයෙන් දෙරණත හොවා
සද මනුන් ලක් මව ‍රැකූ නිදහස් දජය ගුවනත නගා
වසගත්තුවේ වූ සතයකුත් දෙරණට නො දී බඩ සා ‍රැකූ
නොවද දේ ඒ නො විය අවියක් කපන්නට නිදහස දිනූ

වලා මල් කැන් නැගී ගගනත සදන්නට නිදහස් පැතුම්
ඇමිණිලා සමගින් පැතූ ලොව සරසනා නිදහස් සිතුම්
දෑගිලී මුදු පිරිමැදී නිදහස් නැවුම් ලොව සතපති
කුයිලෙ නපුරෙක වල් වැදී ඇස් මානයෙන් ඉවතට ඇදී

දෑ බේද දුරලා මනුන් ලොව සදන්නට එක් වී නිතින්
දුක් කන්දරා ලක සැම සිතින් සගවා දවන්නට සමගියෙන්
දිනූ නිදහස නිවල් දෙසකට යොමන්නට අද මනු බලෙන්
ගගන සරනා පරෙවියන් අද නහවතී ලොව කිරිවලින්

විද නිදහසේ නිදහස දිනූ ඉද නිවට සිත් නැති පින් හදින්
ජාතියක් වෙන ආගමක් නැත නිදහසින් ලක සැවොම විත්
නළවමු මිහිකත දරා අත සමගියේ අවි මුලු හදින්
එක්වෙමූ ලක සරසවන්නට ලොවක් දිනනා සමගියෙන්
Tags:

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments :

Post a Comment

 

© 2014 Copyright ~විතර්ක~: රකින්නැති නිදහස මක්කටෙයි? All Rights Reserved. | Designed And Developed By